දංකොටුවේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් රාජකාරී වලින් ඉවත්වෙති


(හේමලතා ඞී හේවගේ)                                    

දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ වල ජනතාවට රුපියල් 5000 ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්පත් නිකුත් කරමින් සිටි සමෘද්ධි නිලධාරීන් පිරිසකට පොලිස් නිලධාරීන් අද (17) බැන වැඳීම හේතුවෙන් එම නිලධාරීන් සිය රාජකාරි වලින් ඉවත් වී ඇති බව සමෘර්ධි සුරැකීමේ ජාතික එකමුතුවේ කැඳවුම්කරු ජගත් ප‍්‍රියංකර මහතා පැවසීය.

මෙසේ සිය රාජකාරී වලින් ඉවත්ව ඇත්තේ දකුණ  හාල්දඩුවන සහ උතුරු කිරිමැටියාන යන ග‍්‍රමසේවා වසම් වල රාජකරියේ නිරතව සිටි සමෘර්ධි නිලධාරීන්

රාජකාරි වලින් ඉවත් වූ සමෘද්ධි නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රදීප් ගුණරත්න මහතාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සිදුවීමෙන් අනතුරුව අනෙක් වසම් වල රාජකාරියේ නිරතව සිටි සමෘර්ධි නිලධාරින් 45 ක් පමණ රාජකාරි කටයුතු අතරමග නවත්වා  දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණියහ.          

ඉල්ලූම්පත් ලබාගැනීමට සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව  ජනතාව පැමිණ සිටින බවට පොලීසියට ලැබුණ තොරතුරකට අනුව ඔවුන් එම ස්ථානයට ගොස් ජනතාව ඉවත්කර මෙසේ බැනවැදුන බව පොලිසිය සඳහන් කළේය.

දංකොටුව ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රදීප් ගුණරත්න මහතා විසින්  කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතළු නිලධාරීන් සහ දංකොටුව මහජන සෞබ්‍ය පරීක්ෂකවරුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවා සමෘද්ධි නිලධාරීන් සමඟ සාකච්ඡාකර සිද්ධිය සමතයකට පත්කිරීමට කටයුතු කරනු ලැබීය.