(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල රජයේ රෝහලේ සේවයේ නියුතු වයස අවුරුදු 44 දෙදරු පියෙකු ත‍්‍රිරෝද රථයක් පෙරළි එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ ඕලගන්කන්ද කෑගල්ල ලිපිනයේ පදිංචි මාවනැල්ල රෝහලේ 7 වාට්ටුවේ සෞඛ්‍ය කාර්ය සහායකවරයෙක් ලෙස සේවය කරන ලද ඩි.එම්. සුසන්ත කුමාර යන අයයි.
රාත‍්‍රී සේවය කර ඇති මෙම රෝහල් සේවකයා වැඩ අවසන් කිරිමෙන් පසුව සිය නිවස පිහිටා ඇති ඹ්ලගන්කන්ද, කෑගල්ල සිය නිවසට තම ත‍්‍රිරෝද රිය ධාවනය කරමින් යන අතරවාරයේ බැවුමකට ත‍්‍රිරෝද රථය පෙරළි යාමෙන් හිස ප‍්‍රදේශයට සිදු වු බරපතල හානි විමකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

