තොරතුරු වසන් කළ බහුදින යාත්‍රා 7 ක ධීවර ගමන් අත්හිටුවයි


 

(තරංග ගුණරත්න) 
 

දීර්ඝ කාලයක සිට තොරතුරු වසන් කරමින් ධීවර කටයුතුවල ද නිරත වූ බව කියන බහුදින ධිවර යාත්‍රා 7 ක වහාම ක්‍රියාත්මක වන පරිදි ධිවර කටයුතු අත්හිටුවීමට  කටයුතු කළ බව  ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ  මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි .

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයට  ලද තොරතුරක් මත  නිල්වැල්ල සහ කෝට්ටෙගොඩ ධීවර වරාය ආශ්‍රිත  ඔහු දින යාත්‍රා හතක් සදහා  මෙම තහනම පනවා තිබිණි.
 
එහිදී  දීර්ඝ කාලයක සිට එම යාත්‍රා මගින්  දෛනික තොරතුරු වසන් කරමින්  ධීවර කටයුතු වල නිරත වූ බව  සදහන්ය. දෛනික මත්ස්‍ය අස්වැන්න  මත්ස්‍ය  අස්වැන්න නෙළාගත් ප්‍රදේශය  සහ ගමන්ගත් ධීවරයන් සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය නොවිම සම්බන්ධයෙන්  එම යාත්‍රාවල නියමුවන්ට එරෙහිව  ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව සදහන් ධීවර අමාත්‍යංශයේ උසස් නිලධාරියකු කියා සිටියේය.
 
අන්තර්ජාතික ධීවර  නීතිවලට  අනුව  කටයුතු කළ යුතු බවත්  එ අනුව  නීති විරෝධී ආකාරයෙන් ධීවර කටයුතු වල නිරත වීමට  කිසිදු ධීවර යාත්‍රාවකට හැකියාවක්  නොමැති බව පැවසීය.  
 
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු  ධීවර අධ්‍යක්ෂක ජනරාල් ජී ප්‍රසන්න ජනක කුමාර  මහතාගේ  උපදෙස් මත මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එස්, එචි  සමරනායක මහතාගේ මෙහෙයවීමෙන්  ධීවර දෙපාර්තමේන්තුවේ  මාතර දිස්ත්‍රික් නීති කටයුතු පිළිබඳ ධීවර පරීක්ෂක එන් එන් ඩි එස් යු පරණවිතාන මහතා ඇතුළු නිලධාරීන්  විමර්ශන කටයුතු  මෙහෙයවති.