(නිශාන්ත කුමාර)
ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් ඉරමින් සිටි පුද්ගලයෙකු එම දැව කඳන් 8ක් සමඟ අද (03) සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරාඳුරුකෝට්ට දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.
බලපත්‍රයක් නොමැතිව ජංගම ඉරුම් යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ගසක් ඉරන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දැව ඉරන යන්ත්‍රය, දැව සමඟ සැකකරු අද මහියංගණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිරාදුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

