තේ වත්තේ අනවසරෙන් මැණික් ගැරූ 4 ක් අත්අඩංගුවට


(රංජිත් රාජපක්ෂ)                       

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේ වත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරූ සැකකරුවන් සිව්දෙනෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ තේ පදුරු මැද විශාල වලවල් හාරා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සමඟ මැණික් ගැරිමට යොදාගත් උපකරණ රැසක් සහ සැකකරුවන් විසින් හරා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ලොයිනොන් වතුයායේම පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 30 - 35 වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.