තුනුක්කායිහි කැලෑවකින් බීඩි කොළ කිලෝ 297ක් සොයාගනී


මුලතිව් දිස්ත්‍රික්කයේ, තුනුක්කායි ප්‍රදේශයේ ඉලුප්පුකඩවායි, සිප්පිආරු වෙරළ තීරයට ඔබ්බෙන් වූ කැලෑ පෙදෙසක සඟවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 297.7ක් අද(02) සොයාගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව කළ මෙහෙයුමක් අතරතුරදී  කැලෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු පාර්සල් 8ක් දැක පරීක්‍ෂා කිරීමේදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත.

බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

(නාවික හමුදා මාධ්‍ය අංශය)