වසන්ත චන්ද්‍රපාල
කොටි ත්‍රස්තවාදින් තිරුක්කෝවිල් රෑපස්කුලම් වනාන්තරයේදී ඝාතනය කරන ලද පොලිස් නිළධාරින් සැමරීමේ උත්සවය පොලිස්පති ජුජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
මෙම ස්ථානයේ ඉදිකර තිබු ස්මාරකයට පොලිස් උත්තමාචාර දැක්වීමෙන් පසුව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා විසින් ස්මාරකයට මල්වඩමක් තැන්පත් කර උපහාර දක්වනු ලැබිණි.
පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් පොලිස් ස්මාරකයට මල් තැන්පත් කර ආචාර කරනු ලැබීය.
මෙම ස්ථානයේදී මියගිය පොලිස් නිළධාරින්ගේ මව්වරුන් නෑදයින් ස්මාරකයට මල් තැන්පත් කර තම දරුවන් සිහිපත් කරන ලද අවස්ථාව ඉතා වේදනාත්මක හැගුම්බර අවස්ථාවක් විය.
තම දරැවන් සිහිකර මව්වරැන්ගේ ලතොනිය රෑපස්තුලම් වනය හරහා සිසාර ගියේය. එම හඬ එදා දිවිපිදු පොලිස් රණවිරුවන්ගේ හඩට දෙවෙනි නොවන්නට ඇත.
මියගිය රණවිරුවන් වෙනුවෙන් පොලිස් දෙපාර්මේන්තුව විසින් කරන ලද යුතුකම් ඉටුකරන බවත් ලබන වසරේදී මෙම ස්ථානයේ ස්ථිර රණවිරු ස්මාරකයක් සකස් කර මෙම භුමියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ පුහුණු කඳවුරක් කරන බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.