ත්‍රිරෝද රථයක තිබී මළ සිරුරක් හමුවෙයි


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර,නෙලුම්කුලම,ගල්කුලම මාර්ගයේ දෙකේ කණුව ආසන්නයේ ත්‍රීරෝද රථයක පිටුපස අසුන මත තිබුණු 24 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (4) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ අංක 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරක් මත මළ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

මෙසේ මිය ගොස් ඇත්තේ කැකිරාව,හිනුක්කිරියාය,ගනේවල්පොල යන ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ සුභාෂ් සංජිව (24) නැමති පුද්ගලයකු බවට පොලිසිය විසින් හඳුනා ගෙන ඇත.

ඔහුගේ පියා විසින් දේහය පරික්ෂා කර තම පුතාගේ බවට තහවුරු කළ බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රේම සබඳතාවයක් මුල්කර ගෙන මෙම පුද්ගලයා වස පානය කර මිය යන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.