(එස් .ඩී.කොඩිකාර)
මොරවක පරගල මාර්ගයේ ත්‍රිරෝද රථයක් සහ සිමෙන්ති කණු පැටවූ කුඩා ට්‍රක් රථයක් ගැටී පැලවත්තේදී අද (13) සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ පිටු පස ගමන් ගත් පුද්ගලයෙකු මිය ගොස් එහි රියදුරු බරපතල තුවාල ලබා ඇතැයි මොරවක පොලිසිය කියයි.
රියැදුරු මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇ .
අනතුරින් මියගොස් ඇත්තේ පරගල,මොරවක පදිංචි ඇගිලියගේ ඉංදික හර්ශන නැමැති (36) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය පරගල ප්‍රදේශයේ සිට මොරවක දෙසට ධාවනය වෙමින් තිබූ අතර ට්‍රක් රථය මොරවක ප්‍රදේශයේ සිට පරගල දෙසට ධාවනය වෙමින් තිබී ඇත.
අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අයුරු දක්නට ලැබෙන අතර අනතුරින් පසු කුඩා ට්‍රක් රථයේ පරගල ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොරවක රජයේ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.