ත්‍රිරෝද රථ අනතුරෙන් බිළිදියක් මියයයි


 

( පාලිත ආරියවංශ )
 
බදුල්ල  - මහියංගණය මාර්ගයේ මැඩිතලේ වංගුව අසලදි  අද  (9) සවස  ත්‍රිරෝද රථයක් අඩි 40 ක පමණ ප්‍රපාතයට පෙරලී  සිදුවූ අනතුරකින්  මාසයක් වයසැති බිළිදියක් ජීවිතක්ෂයට පත්වී  ඇගේ මව මිත්තිනිය හා 6 හැවිරිදි අයියා බරපතල තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි  

මෙම බිළිදියට බේත් ගැනීම සදහා බදුල්ල මහ රෝහලට පැමිණ ආදාඋල්පත හරහා බිබිලට යමින්  සිටියදි මේ අනතුර සිදුව තිබේ 

බෑවුම දෙස ධාවනය වූ  ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී මාර්ගයේ පහළ කොටස දක්වා පෙරලී ගොස් මෙම අනතුර සිදුව තිබේ .

ත්‍රිරෝද රථථයේ රියදුරා තුවාල නොලබා බේරි ඇති අතර ඔහු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

බදුල්ල පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.