(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කරච්චි කුඩිඉරිප්පු ප්‍රදේශයේදී තහනම් දැල් කිලෝ 100 කට අධික ප්‍රමාණයක් නිවසක් තුළ සඟවා තබාගෙන සිටි අයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
මුලතිව් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කරන ලදි. එහිදී නිවස තුල සඟවා තිබූ මෙම තහනම් දැල් තොගය සොයාගෙන ඇති අතර එහි කිලෝ 100 කට අධික බරින් යුතු පාවිච්චි නොකරන ලද තහනම් දැල් තොගයක් සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගත් අදාල නිවසේ හිමිකරු සහ තහනම් දැල් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාරදීමට මුලතිව් ධීවර හා ජලජසම්පත් සංවර්ධන නිලධාරීන් ියවර ගනු ලැබීය.