(අජිත්ලාල් ශාන්තඋදය)
ඇහැළියගොඩ පොලිස් වසමට අයත් තලාවිටිය වත්තේ පිහිටි නිවසකට අද (18) අලුයම බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවී ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.
මොහොමඞ් තවාහීර් අබ්දුල් රහුමාන් යන අයගේ නිවසට මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ලවී ඇති බව පැවසූ පොලීසිය ප‍්‍රහාරයෙන් නිවැසියන්ට තුවාල සිදුව නැති බවද පැවසීය.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගෙහිමි කාන්තාව සහ ඇගේ දරුවා පමණක් බවට තොරතුරු ඇතැයි ද පොලීසිය පැවසීය. නිවෙස්හිමියා ඒ අවස්ථාවේ නිවසින් බැහැර ගොස් සිටි බවට දැනගන්නට ඇතැයි ද පොලීසිය සදහන් කළේය.
සිදුව ඇති හානිය සැලකීමේදී එල්ල කර ඇත්තේ පෙට‍්‍රල් බෝම්බයක් බවට අනුමාන කළ හැකි බව පොලීසිය කීවේය. මෙම ප‍්‍රහාරය පුද්ගලික පළිගැනීමක් හෝ වෙනත් හේතුවක් මත සිදු කළේද යන්න සම්බන්‍ධයෙන් ඇහැළියගොඩ පොලීසිය විමර්ශන පවත්වයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

