(ඡායාරූප හා විස්තරය-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
තලවාකැලේ- පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැඳකුඹුර ප්‍රදේශයේදී අද (24) දා අළුයම මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් පෙරලීමේන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබේ.
ඊයේ රාත්‍රී මධ්‍යම කඳුකරයට පැවති ධාරානිපාත වර්ෂාවත් සමග පස්, ගල් හා ගස් කඩා වැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇත. තලවාකැලේ සිට පූණ්ඬළුඔය දක්වා ධාවනය කරන රථ වාහන මැඳකුඹුර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි බව පුණ්ඬළුඔය පොලීසිය පවසයි.
මාර්ගයේ පස් හා ගල් ඉවත් කිරීමේ කටයුතුවල මේ වන විට පුණ්ඬළුඔය පොලීසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය කඩිනම් පියවර ගෙන ඇත.