තලවකැලේ වෙළඳසළක් ගිනි ගනී


 

 

(ශාන්ත චන්ද්‍රසිරි)

 

තලවකැලේ නගරයේ පිහිටි වෙළෙඳසැළක් ගිනි  ගැනීමකට ලක්ව අද (18) විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

පාරිභෝගික භාණ්ඩ අළෙවි වෙළෙඳසැළක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි තිබූ භාණ්ඩ ඇතුළු අනෙකුත් දෑ ගිනි ගැනීමෙන් විනාශයට පත්ව තිබේ. ගිනි ගැනීමෙන් එම වෙළෙඳ සැළට දැඩි අලාභ හානි සිදුව තිබිණි.

තලවකැලේ පොලීසිය හා නගර වැසියන් එක්ව වෙළෙඳ සැලේ ගින්න නිවා අනෙකුත් වෙළෙදසැල්වලට ගින්න පැතිරීයාම වැළැක්වීමට  පියවර ගෙන තිබිණි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලවකැලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.