(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වර්ෂාව හේතුවෙන් තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය“ඩෙස්ෆෝඩ්” ප්‍රදේශයේ පිහිටි වසර 100 ක් පමණ පැරණි යකඩ පාලමක් අද (28) හදිසියේ පුපුරා යාමත් සමඟ එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා බාධා පැමිණ ඇති බව නානුඔය පොලීසිය පවසයි.
මෙම පාලම දිරා ගොස් දැඩි ලෙස අබලන්ව පුපුරා ගොස් ඇති අතර එය කඩා වැටීමේ අවදානමක් පවතී.
අවදානම් තත්වයේ ඇති එම මාර්ගයේ රථ වාහාන ධාවනය නොකරන ලෙසත් තලවකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගය හරහා වාහන ධාවනය කරන ලෙසත් නානුඔය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි