(ශිරාන් රණසිංහ)
ඉදිරි මාස 21 කින් පසු තලංගම ,මාලඹේ, අඹතලේ සහ ඇවරියහේන යන ප්‍රදේශ වල වැසි ජලය එක් රැස් වීමේ ප්‍රශ්නය නිමාවට පත් කෙරෙන ව්‍යාපෘතියකට අත්සන් තබා තිබේ.
මෙම ව්‍යාපෘති මහින් ඉහත සඳහන් කළ ප්‍රදේශවල වැසි ජලය ක්ෂණිකව කැලණී ගඟට පොම්ප කෙරේ. කැලණි ගඟ පිටාර ගලා බරපතල ගංවතුර තර්ජනයකදිී හැර සෙසු ගංවතුර තර්ජනයට මෙමගින් විසඳුම් ලබා දේ.
ලෝක බැංකු ණය ආධාර මත අඹතලේ ප්‍රදේශයේ මෙම පොම්පාගාරය ඉදිකෙරෙන අතර රුපියල් කෝටි 290 ක් ඒ සහා වැය කෙරේ.
මැලේසියානු සැල්කොන් ඉංජිනේරු සමාගම මෙහි ඉදිකිරීම් සිදු කරන අතර අඹතලේ ජල පොම්පාගාරයේ ධාරිතාව තප්පරයට ඝන මීටර් 20 කි.
මාස 21කින් මෙම ව්‍යාපෘතිය නිම කිරීමට නියමිතය.