තරුණියකගේ සිරුරක් නවනැලිය ඔයෙන් සොයාගනී


(සම්පත්  ප්‍රියනන්දන සහ අජිත් ලාල් ශාන්තඋදය )


බලන්ගොඩ රජවක නවනැලිය  ඔයේ තිබී ඝාතනය  කළ තරුණියකගේ  සිරුරක්  අද (12) සොයාගත්  බව  පොලිසිය  පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ රජවක  නවනැලිය  ප්‍රදේශයේ  පදිංචිව  සිටි සේනාධි  පතිරණලාගේ භාග්‍ය  සෙව්වන්දි  (20) හැවිරිදි  තරුණියක් වන බව පොලිසිය  කියයි.

මෙම තරැණය ඊයේ  (11) පෙරවරුවේ  සිට  අතුරුදන්ව  ඇති  බව නිවැසියන්  විසින්  කල්තොට  පොලිසිය  වෙත පැමිණිල්ලක්  කර ඇත.

පසුව නිවැසියන්  සහ ප්‍රදේශවාසින්  ඇය පදිංචි  නිවසට පහළ  ඇති  කැළෑ ප්‍රදේශයේ  කළ  සෝදිසියකදි  නවනැලිය  ඔයේ  තිබි  දැරියගේ  සිරුර  හමුවී  ඇත.


ඇගේ  සිරුර  ඇති  ඔය  ආසන්නයේ  තිබි  පිරිමි  පුද්ගලයකුගේ  බවට සැක කරන සෙරෙප්පු   යුගලයක් ද පොලිසිය  විසින්  සොයා ගෙන ඇත.

පශ්චාත්  මරණ පරික්ෂණය  අද (12) පැවැත්වීමට නියමිතය.