තරුණයෙක්ට පහරදුන් ‘ආවා‘කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට



( රොමේෂ් මධුෂංඛ)

යාපනය කෝපායි ප්‍රදේශයේදී තරුණයකු පසු පස තියුණු ආයුධ වලින් පහර දීමට පැමිණි ‘ආවා‘ යැයි සැක කෙරෙන කල්ලියක තිදෙනෙකු අද (30) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

කෝපායි ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු මෙම සිදුවීමට මුහුණ දී තිබේ.

ඔහු පිටුපස යතුරුපැදියකින් තියුණු ආයුධ සහිතව තිදෙනෙකු ලුහු බැඳ ඇති අතර එහිදී දිව ගිය තරුණයා  දිවි ගලවා ගැනීමට කෝපායි ප්‍රදේශයේ පිහිටි ළිඳකට පැන ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ආවා කල්ලියේ පිරිස් විසින් ළිඳට පැන්න පුද්ගලයා ගොඩට ගෙන පහර දීමට සුදානම් වන අවස්ථාවේ අසල්වාසීන් පැමිණ ඔහු බේරාගෙන තිබේ.

මෙම සිදුවීම පිළිබඳව කෝපායි පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව  එම  ස්ථානයට පැමිණි පොලීසිය සැකකරුවන් තිදෙනෙකු හා ඔවුන් පැමිණි යතුරුපැදියද සමඟ  තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෝපායි ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් ආවා කල්ලියේ බවට සැකක කෙරෙන අතරම අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව කෝපායි පොලීසිය සඳහන් කරයි.