(චමින්ද වැවතැන්න)
බුලත්කොහුපිටිය මොරොන්තොට දී තරුණයින් පස් දෙනෙකුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය අද (16) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ බුලත්කොහුපිටිය පදිංචි 52 හැවිරිදි නිමල් ප්‍රේමරත්න හා 22 හැවිරිදි වික්‍රමගේ මනෝජ් දිල්ෂාන් වික්‍රමගේ නැමති දෙදෙනාය.
පසුගිය 11 දා රාත්‍රි 9ට පමණ බුලත්කොහුපිටිය පොලිස් වසමේ මොරොන්තොට හාතනාවලදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබිණි. එහිදී දෙවැනි සැකකරු නිවසට පහළින් පදිංචිව සිටි ඥාතිවරයකු සමඟ බහින් බස් වීමක් සිදුව තිබේ.
එම බහින් බස් වීමෙන් පසුව කඩුවකින් කොටා 22 හැවිරිදි තරුණයා තුවාල ලබා සිටින අයුරු ඔහුගේ හිතවතෙකු හුංගම්පොළ විහාරස්ථානයේ බෝධි බැම්මේ චිත්‍ර අදිමින් සිටි යහළුවන් පිරිසකට දන්වා තිබුණි.
පසුව එම යහළුවන් පිරිස තම මිතුරාට පහර දෙන්නේ කවුරුන්දැයි බැලීමට හනික සිද්ධිය වූ කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි හාතනාව නැමති කන්දට යමින් සිටියදි පිරිසක් මඟ රැක සිට රබර් ඇසිට් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

