(හේමලතා ඩී හේවගේ)
ජාතික තරුණසේවා සභාවට අයත් පන්නල බඩබැද්දවත්ත ගොවිපොල භූමියෙහි නිදන් හාරමින් සිටි පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගත්බව පන්නල පොලිසිය කියයි.
බැකෝයන්ත්‍රයක් ඇතුඵ උපකරණ රැසක් ද මෙම පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු දිවලපිටිය පින්නකැලේවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.
ඔහු සමඟ එම ස්ථානයේ සිටි තවත් පිරිසක් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
අක්කර 40 කින් සමන්විත මෙම භූමියේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතින අතරතුරදී මෙම කැනීම් සිදුකර ඇති බවත් සැකකරු සමඟ නිදන් හැරීමට යොදාගත් බවට සැකකෙරෙන නාරස්සනයක් ,උදැල්ලක් , සවලක් , තහඩු බාල්දියක් ඇතුඵ මල් බුලත් තටුවක්ද එම ස්ථානයේ තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඇතුඵ භාණ්ඩ හෙට (25) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.