හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි
ඇදිරි නීතිය පවතින කාලය තුලදී තබ්බෝව අභය භුමියෙන් මුවකු මැරු ධිවරයින් දෙදෙනෙකු කරුවලගස්වැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් ( 12 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තබ්බෝව ප්‍රදේශයේ පදිංචි සැකරුවන් දෙදෙනෙකි.
මොවුන් තබ්බෝව ජලාශයේ මසුන් මරන මුවාවෙන් තබ්බෝව ජලාශයට නීති විරෝධි අයුරින් ඇතුල් වි වෙඩි තබා මුවකු මරා මස් ඔරුවකින් රැගෙන එමින් සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාල සැකකරුවන් තබ්බෝව ජලාශයේ මසුන් මරන මුවාවෙන් ඔරුවකින් ගමන් කර යාබද තබ්බෝව අභය භුමියට ඇතුල් වි ඇති බවත් ඉන් පසුව බෝර 12 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මුවා වෙඩි තබා මරා ඇති බව කියයි.
පසුව මුව මස් තොගය උරයක දමාගෙන ගොඩ එමින් සිටියදි පොලිස් නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබුනී.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සමග බෝර 12 ගිනි අවිය සහ ජීව පතොරම් 2 ක් හිස් පතොරම් හතරක් හා මස් ප්‍රවාහනයට යොදා ගත් ඔරුව පොලිස් බාරයට ගෙන තිබේ.