තද සුළඟින් නිවාස 28 කට හානි


(ක.ග. කරුණාරත්න සහ චාපා මධුභාෂිනි)

 
වර්ෂාව සමඟ ඇතිවූ තද සුළඟ හේතුවෙන් හිඟුරක්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි සමූපකාර මාවතේ සහ ආර්.බී. 1 ප‍්‍රදේශයේ නිවාස 28 ක් හානියට පත්වී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.


මේ හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයෝ ගණන 110 කි. හිඟුරක්ගොඩ දුම්රිය පොළට ආසන්නයේ සහ හිඟුරක්ගොඩ 2 කණුව ප‍්‍රදේශයේ සුළඟට ගස් කඩා වැටීම නිසා මාර්ග අවහිරතා ඇතිවී රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බව හිඟුරක්ගොඩ පොලීසිය කියයි.


විදුලිය සහ දුරකථන රැහැන් පද්ධති මතට ද ගස් කඩා වැටීමෙන් ඒවාට ද හානි සිදුවී තිබේ. 

එක් නිවාසයකට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 18 සහ ව්‍යාපාරික ස්ථාන 4 අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ උසස් නිළධාරියෙකු  සඳහන් කළේය.