(අනීෂා මානගේ)
තංගල්ල බස්නැවතුම්පොළෙහි පෞද්ගලික බස් රථ, බස් නැවතුම්පොළ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ ජීවානුහරණය කිරීම අද (17) සිදුකෙරිණි.
තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙහි නවතා තිබූ පෞද්ගලික බස්රථ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ, තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ සහ තංගල්ල ඩිපෝව මෙලෙස ජීවානුහරණය කෙරිණි.
මගී ජනතාව කොරෝනා වෛරස රෝගයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය විසින් ගත් තීරණයක් අනුව මෙලෙස බස් රථ සහ බස් නැවතුම්පොළවල් ජීවානුහරණය කිරීම සිදු කරනු ලබයි.