(අනීෂා මානගේ)
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තංගල්ල මූලික රෝහලේ සේවකයන් පිරිසක් තංගල්ල මූලික රෝහල ඉදිරිපිටදී අද(3) දහවල් නිහඩ විරෝධතාවක නිරත වූහ.
තංගල්ල මූලික රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යය මණ්ඩලය, සෞඛ්‍ය කාර්යය සහයකවරු, උපස්ථායකවරු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු 25 දෙනකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.
සෞඛ්‍යයට අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන වැඩි කිරීම, සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට කොවිඩ් අනතුරු දීමනාවක් ලබා දීම, කොවිඩ් ඉලක්කකරගත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පහසුකම් ලබා දීම ඇතුළු ඉල්ලීම් ප්‍රදර්ශනය කළ පුවරු අතැතිව විරෝධතාකරුවෝ නිහඩව විරෝධතාවයේ නිරත වූහ. තවද තමන්ට ආරක්ෂිත ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදීමද ගැටළුවක්ව ඇතැයි විරෝධාකරුවෝ කීහ.
තංගල්ල මූලික රෝහල ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව මිනිත්තු 15ක පමණ කාලයක් පැවැත්විණි.