තංගල්ල මූලික රෝහලට විෂබීජහරණ කුටියක්


 

(අනීෂා මානගේ සහ ආරියදාස කොඩිතුවක්කු)
 
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා ස්වංක්‍රීයව ක්‍රියා කරන විෂබීජහරණ කුටියක් අද තංගල්ල මූලික රෝහලට බාර දෙනු ලැබීය.
 
මෙය රජරට විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන ඔෂිත රුවිනාල් ශිෂ්‍යයා විසින් නිර්මාණය කර ඇත.
 
ඒ සඳහා එම ශිෂ්‍යයාගේ පියා, සහෝදරයන් සහ මිතුරන්ගේ සහයෝගය හිමිව තිබිණ. ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේද ධන පරිත්‍යාගයෙන් මෙම නිර්මාණය සිදුකර ඇත.