(අනීෂා මානගේ)
තංගල්ල නගර සභාවට අයත් ළමා උද්‍යානයේ ඉදිකිරීමක ගෙවීම් සම්බන්ධ කතාවක් දුරදිග යාම නිසා ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරයකු සහ පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් අතර අද (27) පැවැති සභාවාරයේ දී බහින් බස් වීමක් ඇතිවිය.
තංගල්ල නගර සභාවේ දෙසැම්බර් මස සභාවාරය උප සභාපති එම්.එම්.ශිරාස් මහතාගේ මූලිකත්වයෙන් අද පැවැති අතර එහිදී ජනතා විමුක්ති පෙරමුණෙහි චින්තක කැළුම් මන්ත්‍රීවරයා සහ පොදුජන පෙරමුණෙහි මන්ත්‍රීවරුන් අතර බහින්බස් වීමක් හටගත්හ.
ළමා උද්‍යානයේ ගෙවීම් සම්බන්ධ සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණෙහි චින්තක කැළුම් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අදහසට පොදුජන පෙරමුණෙහි කණ්ඩායම් නායක විමල් හේවා දුනුවිල මහතා “ජනතා විමුක්ති පෙරමුණෙහි මන්ත්‍රීවරුන්ට හඩ මිස වැඩ නැහැ” යැයි කළ ප්‍රකාශයට පිළිතුරු දීමෙන් පසුව සභාව උණුසුම් විය.


