(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)
ආණමඩුව හලාවත මාර්ගයේ උපපලවත්ත ප්‍රදේශයේ අද ( 9 ) සිදුවු ටිපර් යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරණයට පත්ව තවත් අයකු සුළු තුවාල ලබා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව වඩක්කරවැව පදිංචි ජයකොඩි ආරච්චිගේ ඩිංගිරි අප්පු ( 56 ) තිදරු පියකු හා ජයකොඩි ආරච්චිගේ ප්‍රියන්ත විජේකුමාර ( 36 ) එක්දරු පියකු බව කියයි .
මරණයට පත් දෙදෙනා ඥාතින් වන අතර මොවුන් මාමා හා බෑනා ලෙස පැවසෙයි .
මරණයට පත් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ආණමඩුව හලාවත මාර්ගයේ උප්පලවත්ත ගල්වංගුව ප්‍රදේශයේ සිටියදී මොවුන් ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක් ඉස්සර කරමින් සිටියදී විරුද්ධ දිශාවෙන් පැමිනි ටිපර් රථයක මුහුණුට මුහුණ ගැටි තිබේ.
අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි තුවාල කරුවන් දෙදෙනා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්වි සිටි බව කියයි.