(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය කළපුවේ සිදු කරන නීතී විරෝධී ට්‍රෝලින් පන්න ක්‍රමය හේතුවෙන් සෙසු ධීවර ජනතාවගේ ධීවර රැකියා අවදානමට ලක්ව ඇතැයි ධීවරයෝ චෝදනා කරති.
විශේෂයෙන් පලු ගහ තුරේ,කුදිරමළේ,පූක්කුලම සහ බත්තලංගුන්ඩුව කළපු ආශ්‍රිතව සිදු කෙරෙන මෙම පන්න ක්‍රමය නිසා එම ප්‍රදේශවල ධීවරයින් මෙන්ම කල්පිටිය කළපුවෙන් දිවි සරි කර ගන්නා ධීවර පවුල් 5000 කට පමණ මේ වන විට සිය රැකියා අහිමි වෙමින් පවතින බවට ඔවුහූ චෝදනා කළහ.
පුත්තලමේ ධීවර සංවිධාන රැසක් මෙම තහනම් පන්න ක්‍රමය නවතන ලෙසත් සිය ධීවර රැකියා සුරක්ෂිත කර දෙන ලෙසත් ඉල්ලා වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා මහතාගෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ ඒ.ඒ.වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම පන්න ක්‍රමය 2013 සංශෝදිත ධීවර පනතින් තහනම් කර ඇති බවයි.