(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මේ වසරේ අයවැය යෝජනාවට අනුව ජූලි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බව පැවසූ රුපියල් 2,500 අන්තර් දීමනාව තමන්ට ලබා දී නොමැති බව පවසමින් ඊට එරෙහිව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය අද(26) එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
රාජ්‍ය සේවා ජාතික සෞඛ්‍ය සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය සහ සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් සහභාගී වී සිටිහ.
මෙම විරෝධතාවය සඳහා රෝහලේ වෛද්‍යවරු, සාමාන්‍ය සේවකවරු, ශ්‍රේණි නියෝජනය කරන සේවකවරු සහභාගී වූහ.
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු පිරිස පසුව විසිර ගියහ.
ජ’පුර රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක
Recommended Articles