(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැකකටයුතු ලෙස රැදී සිටි කාන්තාවක් අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
අලුයම 2 ට පමණ කාන්තාවක් නිවස ඉදිරිපිට ගසකට මුවාවී සිටිනු දුටු නිවෙස් හිමියා සොරකමේ පැමිණි කාන්තාවක් බව සිතා අසල්වාසීන් ද අවදි කරවාගෙන පොල්ලක් රැගෙන පහර දීමට සුදානම් වී කාන්තාව අසලට යාමේ දී ජංගම දුරකථනයෙන් මුහුණ පෙන්වමින් පැවසු දෙයින් පොල්ලෙන් පහරදීම මදකඩ නවතා ඇයට සවන් දී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාව පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බව මීට දිනකට ඉහත දී දැන ගැනීමට ලැබ තිබේ.
මුහුදු යන පවසා නිවසින් පිට වී ගිය සැමියා බණ්ඩාරගම වැල්මිල්ල නිවසේ සිටින බව ජංගම දුරකථනයේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කළ බැවින් ඔහු සහ අනියම් බිරිඳ අල්ලා ගැනීම සඳහා කුලියට ලබා ගත් ත්‍රිරෝද රථයකින් පැමිණ සිටි බව ප්‍රකාශ කර ඇත.

