ජිනීවා වෙසක් පිංකම


ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

බෞද්ධ දර්ශන අංශයේ මහාචාර්ය විලේගොඩ අරියදේව , තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නා හිමි, මොරටුව සිරිසේන භාවනා මධ්‍යස්තානාධිපති හෝමාගම කොන්ඩඤ්ඤ හිමි, ප්‍රංශයේ බොධින්‍යානාරාම භාවනා මධ්‍යස්තානාධිපති  ඥානධරෝ හිමි ප්‍රධාන මහා සංඝරත්නය සහභාගී වුහ.

උදේ 9 ට ආරම්භවූ පින්කමේදී බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් පැවතියේය.

ජිනීවා නගරයේ බෞද්ධ රටවල පිරිස  සංස්කෘතික සංදර්ශනයක් ද  පැවැත්වුහ.