(ක.ග. කරුණාරත්න)
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් මනම්පිටිය සිට යක්කුරේ දක්වා කිලෝ මීටර් 13ක් දිග මාර්ගයක් ලබා දෙන ලෙස සහ අධිකරණ නියෝග මත සන්තකය නැවත පවරාගත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් කුඹුරු ඉඩම් ආපසු ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන්ට බල කරමින් මහවැලි සී කලාපයට අයත් නුවරගල, සිරිපුර, යක්කුරේ සහ ලංකාපුර යන ප්‍රදේශවල ජනයා අද(30) පොලෙන්නරුව නවනගරයේ පිහිට වනජීවී කලාප කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ.
මෙම ප්‍රශ්න වලදී මහජනතාව තලාපෙලා දමන වනජීවී නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හෙළාදකින බව උද්ඝෝෂණකරුවෝ එහිදී කියා සිටියහ.