ජර්මන් කත බිය ගන්වා රන්බඩු ගත් දෙදෙනෙක් අත්අඩංගුවට


(තුසිත කුමාර ද සිල්වා )

අලුත්ගම කළුවාමෝදර මුල්ලපිටිය පාරේ සුපිරි බංගලාවක දිගු කාලයක් මුළුල්ලේ පදිංචිව සිටි ජර්මන් ජාතික කාන්තාවක් බියගන්වා ලක්ෂ 80ක් වටිනා අත් ඔරලෝසුවක්, රන් භාණ්ඩ හා විදෙස් මුදල්  පැහැර ගත්  බව කියන පුද්ගලයන් දෙදෙනෙකු  අද (12) අත්අඩංගුවට අලුත්ගම පොලීසිය පවසයි.

මෙම විදෙස් කාන්තාව වසර කිහිපයක සිට අලුත්ගම පොලිස් වසමට අයත් කළුවාමෝදර මුල්ලපිටිය පාරේ, සිය වියදමින් ඉදිකර පදිංචි වී සිටින සුපිරි බංගලාවක ජීවත් වී ඇති අතර දෛනිකව දිවා කාලයේ එම බංගලාවේ සේවය කිරීමට සේවකයන් කිහිප දෙනෙකු යොදවා ඇතැයිද  පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම බංගලාවට ඇතුළු වූ සොර දෙටුවන් දෙපළ එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ආරක්ෂක දත්ත ගබඩා අඩංගු පෙට්ටිය ද ගලවාගෙන ගොස් ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.