ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය මගින් ක්‍රියාත්මක කරන ‘දිරිය අරුණ’ සමාජ සත්කාරක වැඩසටහනේ 22 වන අදියර යටතේ බස්නාහිර පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසලකට ගොඩනැගිල්ලක් සකසා දීමට පියවර ගෙන තිබේ.
එම ව්‍යාපෘතිය ලබාගැනීමට අවශ්‍ය පාසලක් වේ නම් විදුහල්පතිවරයා මාර්ගයෙන් දිරිය අරුණ සංවිධායක කමිටුව, පීඨාධිපති කාර්යාලය, වෛද්‍ය පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයට මාර්තු 31 වැනිදා ට පෙර අයදුම්පතක් යොමු කළ යුතු බව එම පීඨ පීඨාධිපතිවරයා දැනුම්දීමක් කරයි.
ගොඩනැගිල්ලක් හැර වෙනත් අත්‍යවශ්‍ය පහසුකම් සම්බන්ධ අඩුපාඩු පවතී නම් ඒවා ද සළකා බැලිය හැකි බැවින් එම ඉල්ලීම් ඉදිරිපත් කළ හැක.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0717695614 (උවීන් දීලක) හෝ 0712502513 (නෙත්මා හරින්දි) යන දුරකතන අංකයන්ගෙන් ලබාගත හැක.

