ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් ත්‍රීකුණාමල වරායට


(අමදෝරු අමරජීව)
 
ජපාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (20) ශ්‍රි ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දුවිය.

 
ශ්‍රි ලංකා වරයා අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ “අෂ්රොප් ජැටියේ “නැංගුරම් ලා ඇති මෙම නෞකාව (22) දක්වා ලංකාවේ රැඳිසිටි.
 
ඉ ක සුචි - ජපන්  (I KA SUCHI - JAPEN ) යනුවෙන් නම් කර ඇති මෙම නෞකාවේ දිග අඩි 150ක් වන අතර ශ්‍රි ලංකාවේ  සංචාරයක නිතර වී සිටින ජපන් ආරක්ෂක ඇමති  ඉට්සුනොරි ඔනඩෙරා මහතාගේ  ශ්‍රි ලංකා සංචාරයට සමගාමීව මෙම යුද නෞකාව පැමිණ තිබිම විශේෂත්වයකි.
 
ජපන් ශ්‍රි ලංකා සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කරගැනීම මෙහි අරමුණ වන අතර ජපානයේ ආරකෂක ඇමතිවරයෙකු  ලංකාවට පැමිණි පළමු අවස්ථාවද මෙයවේ.