ඝාතන සිද්ධියක ප්‍රධාන සැකකරුව මරා දමලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොස්ගම, කනම්පැල්ල ප්‍රදේශයේදී මවක සහ දියණියකව ඝාතනය කළ බව කියන සිදුවීමේ ප්‍රධාන සැකකරු අද(28) කළුඅග්ගල බස් නැවතුම්පළ පිටුපසදී කිසියම් පිරිසක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ ඇඹිලිපිටියේ පදිංචිව සිටි සරත් ආනන්ද නම් 42 හැවිරිදි අයෙකි.
 
මීට මාස 10කට පමණ ඉහතදී මෙම පුද්ගලයා මවක සහ දියණියකව ඝාතනය කර තිබූ බව පොලිසිය කියයි.
 
මාස කිහිපයක් බන්ධනාගාර ගතව සිටි සැකකරු ඇප මත නිදහස්වීමෙන්පසු අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව අද කොස්ගම පොලිසියේ පෙනී සිට නැවත යමින් සිටියදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.