ගෝන මස් කිලෝ 50 ක් සමඟ 3 ක් අත් අඩංගුවට


(ක.ග.කරුණාරත්න)

ගෝන මස් කිලෝ 50 ක් මාදුරුඔය ජලාශය හරහා ඔරුවකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (07) අත් අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති.

වනෝද්‍යානයේ සූරිය පොකුණ ජලාශය කොටසේදී මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මුදලට මස් විකිණීමේ ජාවාරමක නිරතවන පිරිසක් බවත් විමර්ශන වලදී හෙළි වූ බව ඒ නිලධාරීහු පැවැසූහ.

වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අඩවි ආරක්‍ෂක නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා ඇතුලූ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කොටසේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගනුලැබූ ගෝන මස් තොගය සමඟ සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.