ගෙළ බැදි රන් මාලය සොරාගත් යතුරුපැදි කරු අල්ලයි


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)


මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඩාගෙන මාතලේ දෙසට ගමන් කරමින් සිටියදී එම මාර්ග හරස් කර එම සැකකරුවන් දෙදෙනා සමඟ රන් මාලය අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.


මාතලේ උකුවෙල ඕවිලිකන්ද උප නගරයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු  කඩාගෙන මාතලේ දෙසට ගමන් කළ පුද්ගලයින් දෙදෙනා භාවිතා කළ  යතුරු පැදියේ අංකය වර්ණය හා එහි ගමන් කළ මංකොල්ල කරුවන් ඇදසිටි ඇදුම්හි වර්ණයන් නිවරදිව මාතලේ පොලිසිය වෙත දැනුම්දී මට  ඕවිලිකන්ද නගරයේ පුද්ගලයෙකු කටයුතු කර ඇත.


ඒ තොරතුරට අනුව මාතලේ පොලිස් ස්ථානාධිපති චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඕවිලිකන්ද හරහා මාතලේට පැමිණිය හැකි මාර්ගවෙත යොදවා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබේ .ඒ අනුව සැකකරුවන් දෙදෙනා කිරිමැටියාව ප්‍රදේශයේදී මාර්ගය හරස්කර නිතියේ රැහැනට හසුකර ගැනිමට සමත්ව ඇත.