(ඩී.ජී.සුගතපාල)
අක්මිමණ ඉහලගොඩ ප්‍රදේශයේදී පනස් පස් හැවිරිදි ගුරුවරියක් සමූහ දූෂණය කොට රන් ආභරණ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු මිදිගම කලපුව ප්‍රදේශයේ සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිදිගම කලපුව පදිංචි යුද හමුදාවේ ගැමුණු හේවා බල ඇණියේ හිටපු සෙලෙකුවන 30 හැවිරිදි එක්දරු පියෙකි.
ගුරුවරිය ඇයගේ නිවසේ කොටසක් කුලියට දෙන බව පවසා දැන්විමක් පල කර තිබු අතර ඒ අනුව මාර්තු 9වනදින පැමිණ ඇති සැකකරු සහ තවත් අයෙකු පසුදින එන බව පවසා පිටව ගොස් ඇත.
එම අවස්ථාවේ ඇය පමණක් නිවසේ සිට ඇති අතර පසුව පොලිසියට ලැබුන දුර කතන ඇමතුමක් අනුව පොලිසිය ගොස් ගුරුවරිය රෝහල් ගත කර ඇත.
මේ සම්බන්ධයෙන් මෙයට පෙර එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.එම සැකකරු සන්තකයේ තිබි කොල්ලකන ලද දේපලවලින් කොටසක් සොයාගෙන ඇති අතර මෙම සැකකරු සන්තකයේද තිබි ජංගම දුර කතනයක් සහ ලැප් ටොප් පරිගණකයක්ද සොයාගෙන ඇත.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි ගාල්ල පොලිසියේ පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරයන්වරුන්වන බුද්ධික(3683) පුෂ්ප කුමාර(4500) කොස්තාපල් කණිෂ්ක(68083) යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා අක්මිමණ පොලිසියට බාර දි ඇති අතර සැකකරු අද(11) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
පනස් පස් හැවිරිදි ගුරුවරියක් දූෂණය කොට නිවසේ තිබු රන් භාණ්ඩද ඇය පැළඳ සිටි රන් භාණ්ඩද ඇතුලු දේපල කොල්ලකා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු 24 වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කොට එදින හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කලේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිගම පොලිස් වසමේ මිදිගම පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකි.