රොමේෂ් මධුෂංඛ
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ සිටි දායකයෙකු හදීසියේ මරණයට පත්විම සැකසහිත බවට ඥාතීහු පවසති.
මුලතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නැවතී සිටිමින් පන්සල රැක බලාගත් දායකයකු හදීසියේම මිය යාම හේතුවෙන් මරණය සැක සහිත බවට ඥාතීන් ප්‍රකාශ කිරිමෙන් අද (08) රස පරික්ෂක වාර්තාවක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.
වැලිඔය ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නිමල් නැමති පුද්ගලයා මීට පෙර අපවත්වී වදාල ගුරකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ප්‍රධාන උපස්ථායක වශයෙන් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් පන්සලේ ආවතේව කටයුතු කරමින් සිටි මොහු ආවාස ගෙයි ඉදිරිපස මිය ගොස් සිටියදී හමු වී ඇති අතර හෘදයාබාදයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කරයි.
ඥාතීන් විසින් මරණය සැක සහිත බවට ප්‍රකාශ කිරීමෙන් පසුව මුලතිව් මහරෝහලේදී මරණ පරික්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.