(සුමතිපාල දීයගහගේ )
අහංගම ශාරිපුත්‍ර මහ විදුහලේ ගණිත විද්‍යා ගුරුවරයා ඇතුලු ගුරුවරුන් තිදෙනෙකු මාරු කිරීමට විරෝධය පළ කරමින් දෙමාපියන් සහ විදුහලේ
සිසුහු (13) විදුහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
මව්පියන් පිරිසක් පළමුව ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් උද්ඝෝෂණය ආරම්භ
කළහ.
එහෙත් එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් මැදිහත්වී ජනතාව පාරෙන් ඉවත්කර රථවාහන ධාවනයට පහසුව සලසා දෙනු
ලැබීය. මාර්ග අවහිර කළ දෙමාපියන් නැවත මාර්ගයේ කොටසක සිට උද්ඝෝෂණය සිදු කළහ.