ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන ගිය අයෙක් අත්අඩංගුවට



 
 
(චන්දන ප්‍රනාන්දු)
                                                                                
අලෙවි කිරිමට හෙරොයින් පැකට් දෙකක් ගුද මාර්ගයේ සඟවාගෙන යමින් සිටි පුද්ගලයෙක් සැකපිට මෝරුක්කුලිය දිවුල්ගහ කොළණියේ දී අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.                                                                         
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අයෙකි.                                                                                                                             
සූක්ෂම ලෙස හෙරොයින් අලෙවි කිරිමක් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත දිවුල්ගහ ජනපදයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් නවත්වා පොලිසියට ගෙනවිත් පරික්ෂා කිරිමේදී ගුද මාර්ගයේ සඟාවගෙන අලෙවි කිරිමට ගෙන යමින් තිබු හෙරොයින්  තොගයක් පොලිසිය සොයාගෙන තිබේ.
                                                                                        
පොලිසියෙන් බේරිම සඳහා කාලයක සිට මෙම පුද්ගලයා හෙරොයින් පැකට් මිලදී ගන්නා පුද්ගලයන් ළඟටම මෙලෙස ගුද මාර්ගයේ සඟවාගෙන හෙරොයින් පැකට් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.