(රංජිත් රාජපක්ෂ)
හැටන් කිව් වත්තේ, වතු නිවාස පේලියක් ගිලා බැසීමේ අවදානමට ලක්වීම හේතුවෙන් නිවාස 4 කට අයත් සාමාජිකයන් 25 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට වතු පාලන අධිකාරියේ නිලධාරීහු සහ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා අද (16) කටයුතු කළහ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එම වතු නිවාස පේලියේ බිත්ති ඉරිතලා කඩා වැටීමේ අවධානමකට ලක් වී ඇත.
වසර 60 කට වඩා ඉපැරණි මෙම වතු නිවාස පේලිය මේ වන තෙක් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවත්, පසුගිය දින කිහිපය තුළ නිවාස පේලියේ බිත්ති ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් එම නිවාසවල පදිංචිකරුවෝ කියා සිටියහ.
එම පදිංචිකරුවන් තාවකාලිකව එම වතුයායේ වතු පාසලේ නතර කිරීමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත. අවතැන් වුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සහ ආහාර පාන වතු පාලන අධිකාරිය සහ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇත.