(හේමලතා ඩී හේවගේ)
ගිරිඋල්ල - මරදගොල්ල සමෘර්ධි ප්‍රතිලාභීන්ට සහ වැඩිහිටියන්ට බෙදාදීම සඳහා රැගෙන යමින් සිටි රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් අද (09) අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ කොල්ලකා පලායෑමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පැවසීය.
ගිරිඋල්ල නගරයට ආසන්න අතුරු මාර්ගයකදී බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අලව්ව - විල්ඔඵව ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බවද පොලිසිය සඳහන් කළේය.
මරදගොල්ල සමෘර්ධි සංවර්ධන නිලධාරී එච්.ඒ.වීරසිංහ මහතා සහ ග‍්‍රාම නිලධාරිනී එච්.එම් මනූජා හර්ෂණි මහත්මිය තම වසම තුල වෙසෙන ප‍්‍රතිලාභීන්ට බෙදාදීම සඳහා යතුරු පැදියෙන් මෙම මුදල් රැගෙන යන අවස්ථාවේ මරදගොල්ල පාලම අසලදී සැකකරු විසින් මෙම මුදල් පැහැරගැනීමට තැත්කර ඇති බවත් පොලීසිය පැවසීය.
සැකකරු මෙම මුදල් පැහරගැනීමට තැත්කළ අවස්ථාවේ එම නිලධාරීන් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා මුදල් ආරක්ෂා කරගෙන ඇති බවද සඳහන්වේ.
අත් අඩංගුවට ගත් සැකකරු හෙට (10) කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.