ගිනිගත්හේන බස් නැවතුම්පොළ පාර වහයි


(රංජිත් රාජපක්ෂ)

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද උදැසන සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගය ගිලා බැසිමට පටන් ගැනීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු  තාවකාලිකව තහනම් කළ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ගිනිගත්හේන නගරයේ පොලිසිය ඉදිරිපිට මාර්ගය මිට පෙර අවස්ථා කිහිපයකදි ගිලා බැසිමට ලක් වු නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කර තිබු අතර, එම ගිලා බැසිම හේතුවෙන් ඇති වි තිබු ඉරි තැලිම් පවතින වර්ෂාවත් සමග විශාල වෙමින් පවතින නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනය නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගේ නිර්දේශ මත තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බවයි ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.