ජුඩ් සමන්ත
බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවි 2 ක් සහ පතුරම් තොගයක් සම තරුණයින් තිදෙනෙකු විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසියට බාර දී ඇත.
අද (28) දහවල් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි වයස අවුරුදු 30 - 33 වියේ පසුවන තිදෙනෙකි. ඔවුන් අතරින් දෙදෙනෙකු මුස්ලිම් ජාතිකයින් වන අතර එක් සැකකරුවකු සිංහල ජාතිකයෙකි.
සැකකරුවන් සතුව තිබී බෝර 12 ජීව පතුරම් 14 ක්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
නීලබැම්ම ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරීම සඳහා තමන් ගිය බවත්, සතුන් දඩයම් කිරීමට නොහැකි නිසා ආපසු නිවෙස් වලට යමින් සිටි බවත් සැකකරුවන් පවසා ඇත.
සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.