(රෝවන් පෙරේරා)
ගිනි අවියක් රැගෙන ගමන් කරමින් සිටී දෙදෙනෙකු අද (04) රාත්‍රී අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා දූෂණ මර්ධන ඒකකය සඳහන් කළේය.
පුත්තලම කොට්ටුකච්චිය රෝහල් මාර්ගයේ මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් රැගෙන ඇඳිරි නිතිය උල්ලංගනය කරමින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටී දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.
පුත්තලම දිසා දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව රාත්‍රී 9.00 ට පමණ මෙම වැටලීම සිදුකළ බව පුත්තලම දිසා දූෂන මර්ධන ඒකකයට පැවසීය.
සැකකරුවන් ගමන් ගත් යතුරු පැදිය , ගිනි අවිය සහ සැකකරුවන් දෙදෙනා අධිකරණ කටයුතු සඳහා පුත්තලම පොලිසියට බාරදී ඇත.