ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට


(ප්‍රසාද් රුක්මල්)

කන්දකැටිය ප්‍රදේශයේදී බෙහෙත් කොටන ලද තුවක්කුවක් සහ පතුරොම් තුවක්කුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා 31 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් බව පොලිසිය කීය.

මෙම ගිනි අවි වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගෙන ඇත්ද යන්න විමර්ශනය කරන බව පොලිසිය සඳහන් කළේය.