ගිනි අවි-ජීව උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ)

ඇමරිකාවේ නිශ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සන්තකයේ තබාගෙන සිටි මාතර නාදුගල මඩිහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ගාල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.

සැකකරු හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා එම සැකකරු සහ අදාළ ගිනි අවිය තිහගොඩ පොලිසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.