(රෝහණ සමරවීර)
පල්ලේබැද්ද අම්බැවිල මගයාය හන්දියේ සිල්ලර වෙළඳසැලක් අද (02) ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ගින්න නිවා දැමීමට උත්සහ කළ වෙළඳසැල් හිමියා ද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ප‍්‍රදේශවාසීහු විශාල සංඛ්‍යාවක් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළහ. වැලිගෙපොල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකර මධ්‍යස්ථානයේ සතු බවුසරයක් ද එම ස්ථානයට ජලය රැගෙන පැමිණ තිබුණි.
ගින්නෙන් වෙළඳසැලෙහි සියලු බඩු බාහිරාදිය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
සිදු වූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති අතර, ගින්නට හේතුව අනාවරණය කරගෙන නොමැත.